වී මිලත් වැඩි වන ලකුණු

ගොවීන් මුහුණදී සිටින වී මිල ප්‍රශ්නයට අද(27) පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී පැහැදිළි තීරණයක් ගනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන බව රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සඳහන් කළේය.
නාඩු වී කිලෝවක් රුපියල් 55ක් ලෙස ඉහළ දැමූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම මහතා සෙසු වී වර්ගවල මිලද ඉහළ දමන බවට ගොවි ජනතාවට බලාපොරොත්තුවක් දුන්නද ඒ අනුව මේ දක්වා මිල වැඩි කර නොමැති බවත් ගොවීන්ගේ එම ඉල්ලීමට සහ සහල් ප්‍රශ්නයට අද(27) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී හොඳ පිළිතුරක් ලැබෙනු ඇතැයි රජයේ පාර්ශවයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
වී මිල ගොවීන්ගේ ගැටලුවක් බැවින් ඒ සඳහා කඩිනම් පියවරක් ගතයුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් බොහෝ පාර්ශව ඉල්ලීම් කර ඇති බව කී එම අමාත්‍යවරයා වී මිල වැඩි කිරීමෙන් රටේ මුදල් පිටතට විතැන් නොවන බව ද සඳහන් කළේය.
ගොවීහූ සම්බා වී කිලෝවකට රුපියල් 60ක් සහ කීරි සම්බා කිලෝවකට රුපියල් 70ක් වන මිලක් ඉල්ලා සිටිති.
719 Views
Comments