ජනපති අතින් නව මහ බැංකු අධිපති පත්වීම ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

ජනපති අතින් නව මහ බැංකු අධිපති පත්වීම ලබයි

ජනපති අතින් නව මහ බැංකු අධිපති පත්වීම ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත්කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

 

 

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

 

 

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

views

760 Views

Comments

arrow-up