ඊළඟ මාසේ තත්වෙ අන්තිම දරුණුයි..! – රනිල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

ඊළඟ මාසේ තත්වෙ අන්තිම දරුණුයි..! – රනිල්

ඊළඟ මාසේ තත්වෙ අන්තිම දරුණුයි..! – රනිල්

පවතින ආර්ථික අර්බුදය අනුව මීළඟ මාස කිහිපයේදී රටේ තත්වය මීටත් වඩා දරුණු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

 

ඒ, පසුගිය (28) දිනයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා,

 

“අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම සහ දරාගන්න බැරි ණය තමයි ප්‍රධාන කාරණය. මේ දරාගන්න බැරි ණයට ඇතුළත් වෙන කරුණු කීපයක් තියෙනවා, ඉන් ප්‍රධානම එක තමයි මේ රටේ සංස්ථා ණය බර. අපි අරගත්තොත් ලංකා විදුලිබල මණ්ඩලය, ඇමතිතුමා පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශයක් අනුව 2021දී බිලියන 79ක පාඩුවක් ලබලා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩියි කියලා.

 

මේ අවුරුද්දට බිලියන 100ක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කළා. ඒ වගේම එක විදුලි ඒකකයක් සඳහා අයකරන්නෙ රු. 17යි, ඒත් වියදම රු. 53ක් කියලා. අපි තෙල් සංස්ථාව දිහා බලනවා නම් 2021දී අලාභය රුපියල් බිලියන 83යි. දැන් තියන කාරණා අනුව ඇමතිතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩිකිරීමෙන් පස්සෙත් තවමත් දවසකට මිලියන 327ක පාඩුවක්, ඒ කියන්නෙ අවුරුද්ද අවසන් වෙනකොට තව ඩොලර් මිලියන 80ක පමණ පාඩුවක් ඇතිවෙන්න යනවා. ඉතින් මේ ණය දීලා තියෙන්නෙ ලංකා බැංකුවත් මහජන බැංකුවත්. මීට අමතරව මේ බැංකු දෙකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය දරාගන්න සිදුවෙනවා. මේ සමහර විදේශ ණය සහතික කරලාත් තියෙනවා. මීට අමතරව අනිත් සංස්ථා ණය තියෙනවා. මේ ණය සියල්ලම ගත්තොත් තවත් ණය දෙනවා නම් ණය බර වැඩිවුණොත් බැංකුවේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්.

views

602 Views

Comments

arrow-up