යුගදනව් වසර 15ක් යනතුරු ඇමරිකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

යුගදනව් වසර 15ක් යනතුරු ඇමරිකාවට

යුගදනව් වසර 15ක් යනතුරු ඇමරිකාවට

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා ඇත්තේ වසර 15 ක් සදහා බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

 

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ගිවිසුමකට යටත්වයි. අදාළ වසර 15 න් පසු එහි අයිතිය යළි ශ්‍රී ලංකා රජයට හිමිවීමට නියමිතයි.

 

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ පක්‍ෂ නායකයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීද අවධානයට යොමුවී ඇත.


ඊට එක් වූවන් පැවසුවේ මෙරට බලශක්තිය නිපදවීම වැදගත් අංශයක් විදෙස් සමාගමකට කේන්‍ද්‍රගතවීමෙන්  මතුවිය හැකි අවධානය පක්‍ෂ නායකයින් විසින් පෙන්වා දී ඇත.

 

 ඒ අනුව මෙම ගිවිසුමට ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සිය විරෝධය පළ කළ බවයි හවුල්කාර පක්‍ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

views

666 Views

Comments

arrow-up