පොහොර ආනයනයට අද සිට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

පොහොර ආනයනයට අද සිට අවසර

පොහොර ආනයනයට අද සිට අවසර

වී වගාව සඳහා අවශ්‍ය වන කාබනික පොහොර ආනයනයට ලබාදී තිබු අවසරය අද සිට අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනයටද ලබාදී තිබෙනවා.

 

මේ සදහා පොහොර ගෙන්වීමට රජයේ පොහොර සමාගම් 2කට අවසර ලබාදී ඇති බවයි කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.

 

මේ වන විට වගා කටයුතු සඳහා අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදනය කරමින් පවතින අතර  ඒ සඳහා අවශ්‍ය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බව ද ඔහු පවසන බව අමාත්‍යවරයා පවසනවා.

 

ඉදිරියේ දී හෙක්ටයාර එකක වගා කටයුතු සඳහා පොටැසියම් කිලෝ 45ක්, නයිට්‍රජන් කිලෝ 300ක් බැගින් නොමිලේ ලබාදීමටද නියමිතයි.

views

1581 Views

Comments

arrow-up