මසකට ලක්‍ෂ 1 1/2 ක පඩියකුත් අරන් සාත්තු සේවිකාව කොවිඩ් ආසාදිත ගුරුවරියව මරා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

මසකට ලක්‍ෂ 1 1/2 ක පඩියකුත් අරන් සාත්තු සේවිකාව කොවිඩ් ආසාදිත ගුරුවරියව මරා දමයි

මසකට ලක්‍ෂ 1 1/2 ක පඩියකුත් අරන් සාත්තු සේවිකාව කොවිඩ් ආසාදිත ගුරුවරියව මරා දමයි

කොරොනා ආසාදනයවී දැඩි මානසික පීඩාවකට ලක්ව ගිලන් ඇඳෙහි සිටි 80 හැවිරිදි විශ‍්‍රාමික ගුරුවරිය නිදියහනේ දීම ගෙල සිරකර ඝාතනය කල බව කියන ඇය රැකබලාගත් පෞද්ගලික සාත්තු සේවිකාවක් රද්දොළුගම පොලිසිය විසින් ඉකුත් 19 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 19 වනදා එම මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබූ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය විශේෂඥ නාමල් ප‍්‍රනාන්දු මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව විශ‍්‍රාමික ගුරුවරිය ඝාතනය කිරීම සම්බන්ධව චෝදනා ලැබූ සාත්තු සේවිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම සිදුවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙන්නේ රද්දොළුගම පදිංචිව සිටි ඩබ්ලිව්. ටී. සීතා මාලනී සිරිවර්ධන නම් 80 හැවිරිදි විශ්‍රාමික ගුරුමහත්මියයි.

 

මියගිය ගුරුවරිය සහ ඇගේ වයෝවෘද්ධ සැමියා රද්දොළුගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අතර ඔවුන්ගේ දරු දෙදෙනා විදෙස් රැකියාවල නිරතවී සිටී.

 

එම දරුවන් විසින් රෝගාතුරව පසුවන තම මව රැකබලා ගැනීමට සහ සාත්තු සප්පායම් කිරීම සඳහා දිවයිනේ ප‍්‍රධාන පෙළේ සාත්තු සේවිකාවන් ලබා දෙන බව කියන කටුනායක පෞද්ගලික ආයතනයකට මුදල් ගෙවා සාත්තු සේවිකාවක් ලබාගෙන තිබිණි. 

 

එම දරුවන් විසින් තම මවට උවටැන් කළ සාත්තු සේවිකාවට රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් මසකට ගෙවා ඇත. 

 

එම සේවිකාව වසරකට ආසන්න කාලයක් රෝගී ගුරුවරිය රැකබලා ගනිමින් එම නිවසේ ජීවත්ව ඇති අතර පසුගිය 19 දා අලූයම සීතල වී ඇති බවට සාත්තු සේවිකාව මියගිය ගුරුවරියගේ වයෝවෘද්ධ සැමියා දැනුවත් කර තිබිණි. 

 

පසුව 19 දා විශ්‍රාමික ගුරුවරියව මීගමුව දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කළත් ඇය මියගොස් සිටි අතර ඇයගේ මරණ පරීක්‍ෂණය සිදුකළ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍යවරයා විසින් සිරුරේ තැනින් තැන වූ තුවාල සහ තුවාල කැළැල් හේතුවෙන් එහි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහල වෙත යවා තිබේ.

 

 එහිදී අනාවරණය වී තිබෙන්නේ සමහර ලප කැලැල් සාත්තු සේවිකාව විසින් විශ‍්‍රාමික ගුරුවරිය ඇගේ නිදිහයනේ බැඳ දැමීමෙන් ඇතිවූ තුවාල කැලැල් බවයි. 

 

ගුරුවරිය කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති අතර මනුශ්‍ය ඝාතන චෝදනා ලැබූ සාත්තු සේවිකාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි. 

views

1216 Views

Comments

arrow-up