ඇල්පිටිය රෝහලේ දී අතුරුදන් වූ මළ සිරුර

ඇල්පිටිය මූලික රෝහල වෙත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රැගෙන ආ මළසිරුරක් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු අතුරුදහන්වී ඇති බව ඌරගස්මංහදිය පොලීසිය කියයි.
මෙලෙස අතුරුදහන්ව තිබෙන්නේ කේ. වී. ප්‍රේමතිලක නැමැති 77 හැවිරිදි අයෙකුගේ සිරුරකි.
නිවෙසේදී මියගිය මෙම පුද්ගලයාගේ සිරුර හදිසි මරණ පරීක්ෂකවරයාගේ උපදෙස් අනුව ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත එවා තිබේ.
එම පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් වෛරසය වැළදී නොමැති බව තහවුරුවීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය පවත්වා මළසිරුර ඥාතීන්ට භාරදී ඇත.
ඒ අනුව ඥාතීන් විසින් මළසිරුර රැගෙන යන ලෙස මල්ශාලාවට පවරා ඔවුන් පිටත්ව ගොස් තිබේ.
එහෙත් පසුව ඥාතීන් මල්ශාලාවට පැමිණ බලන විට එහි එම මළසිරුර තිබී නැත. ඔවුන් වෙත රෝහලින් භාරදුන් මළ සිරුරු දෙකක් තිබි ඇතත් ප්‍රේමතිලක යන අයගේ මළසිරුර එහි තිබී නැත.
ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේද එම සිරුර නැති බව වැඩබලන රෝහල් අධ්‍යක්ෂක වරයා පැවසුවේය.
928 Views
Comments