යාපනයට කාඩ්බෝඩ් මිනීපෙට්ටි ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

යාපනයට කාඩ්බෝඩ් මිනීපෙට්ටි ඉල්ලයි

යාපනයට කාඩ්බෝඩ් මිනීපෙට්ටි ඉල්ලයි

යාපනයේදී මියයන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම මිනී පෙට්ටි සම්බන්ධයෙන් ගැටලූ රැසක් පැන නැගී ඇති බැවින් යාපනයට කාඩ්බෝඩ් මිනීපෙට්ටි සපයා දෙන ලෙස මිනීපෙට්ටි අලෙවිකරන්නන් රජයෙන් ඉල්ලා තිබේ.

 

යාපනයේ මිනී පෙට්ටි අලෙවි කරන්නන් මේ සම්බන්ධව යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අංගජන් රාමනාදන් මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර යාපනයේ මිනී පෙට්ටි වෙළෙන්දන් පවසන්නේ මේ දිනවල යාපනයේ මිනී පෙට්ටිවල මිල ගණන් එකිනෙකට වෙනස්වීම හේතුවෙන් කොවිඩ් රෝගයෙන් මියයන පවුල්වල පිරිස් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි. 

 

සියලූ දෙනා භාවිතා කරනු ලබන්නේ කාඩ් බෝඩ් මිනී පෙට්ටි නම් එවැනි තත්ත්වයක් උද්ගත නොවන බව පෙන්වා දෙන ඔවුහු බස්නාහිර පළාතේ නිපදවූ කාඩ්බෝඩ් මිනීපෙට්ටි ලබා ගැනීමට ක්‍රමයක් යාපනයේ ව්‍යාපාරිකයින්ටද සලසා දෙන මෙන් ඉල්ලා සිටිති.

views

809 Views

Comments

arrow-up