කොවිඩ් එන්නතින් ලිංගික ශක්තිය දුර්වල වන්නේ නෑ - රාජ්‍ය ඇමැති චන්න ජයසුමන
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

කොවිඩ් එන්නතින් ලිංගික ශක්තිය දුර්වල වන්නේ නෑ - රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

කොවිඩ් එන්නතින් ලිංගික ශක්තිය දුර්වල වන්නේ නෑ - රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

කොරෝනා මර්දනය සඳහා ලබාදෙන එන්නත් මඟින් ලිංගික ශක්තිය දුර්වල වන බවට මෙතෙක් කිසිදු පර්යේෂණයකින් තහවුරුවී නොමැති බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

 

මෙවැනි මිථ්‍යාමත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය කිරීම හේතුවෙන් ඇතැම් තරුණයින් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට බියක් දක්වන බව වාර්තාවී තිබේ.

 

එබැවින් එවැනි වැරදි මත විශ්වාස නොකර එන්නත් ලබාගැනීමට තරුණ පිරිස් යොමුවන මෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

views

863 Views

Comments

arrow-up