“ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය බ්‍රහස්පතින්දා හා සිකුරාදාත්

“ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය බ්‍රහස්පතින්ද හා සිකුරාදා දිනයන්වලදීත් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සති අන්තයට අමතරව එම දින දෙකේද කොළඹ සහ බදුල්ල අතර මෙම අධි සුඛෝපභෝගී දුම්රිය ධාවනය වනු ඇති.
මගීන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවසුවේ.
මෙරට තුළ ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන මෙම දුම්රිය පසුගිය මාසයේදී සෑම සෙනසුරාදාවකම ධාවනයට එක්වුණා
256 Views
Comments