මනාලිය කැන්දන් යන්න ඉතාලියේ සිට පැමිණ කොරෝනාවට බිලිවූ තරුණයා

තම විවාහ මංගල්‍යයට ඉතාලියේ සිට මෙරටට පැමිණි තරුණයෙකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කොවිඩ් 19 ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිට ඇති අතර විවාහ උත්සවය සඳහා මෙරටට පැමිණ ඇත.
ඔහුගේ මව වූ මෙලනි යන අයද මෙසේ මියගොස් ඇති අතර ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙලනි මහත්මිය කොවිඩ් ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මියගොස් තිබේ.
3004 Views
Comments