දුම්රියේ ගැටුනු ටිපර් රථය ත්‍රීරෝද රථ හතරක් කුඩු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

දුම්රියේ ගැටුනු ටිපර් රථය ත්‍රීරෝද රථ හතරක් කුඩු කරයි

දුම්රියේ ගැටුනු ටිපර් රථය ත්‍රීරෝද රථ හතරක් කුඩු කරයි

ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් පසු අසල නවතා තිබූ ත්‍රීරෝද රථ හතරකට සහ යතුරු පැදියක ගැටී එම රථවලට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ගණේමුල්ල පොලිස් රථවාහන අංශය පවසයි.

 

අද(20) දහවල් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී කඩවත සිට ගම්පහ දෙසට ධාවනය වෙමින් තිබු ටිපර් රථයක් ගේට්ටුව අතරින් ධාවනය කරවීම හේතුවෙන් දුම්රියෙනි ගැටී ඇති බවත් පසුව ටිපර් රථය ඇදී ගොස් නවතා තිබූ ත්‍රී රෝද හතරක සහ යතුරු පැදියක ගැටී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

දුම්රිය හරස් මාර්ගය වසා තිබූ අවස්ථාවේ ටිපර් රථය නතර කිරීමට රියදුරා උත්සාහ කළද තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් අනතුර සිදුවූ බව රියදුරු ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.

views

4790 Views

Comments

arrow-up