මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීමට උපායමාර්ගික සැලැස්මක්

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් වන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 08 ඉක්මවා ගොස් තිබේ.
ඒ අතරින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් අවුරුදු 10ට වඩා පැරණි ඒවා වන අතර එවැනි වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම විෂ වායු විමෝචනයට හේතුකාරක වන බව හඳුනාගෙන ඇත.
රථවාහන ශ්‍රී ලංකාවේ වායු දූෂණයට සියයට 60 ක් පමණ හේතුවන බවටයි මොරටුව විශ්ව විද්‍යාලය සහ තවත් ආයතතන කිහිපයක් මඟින් සිදු කළ පර්යේෂණ මගින් තහවුරුවී ඇත්තේ.
ඉහත කරුණු සැළකිල්ලට ගෙන විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමට උපායමාර්ගික සැලසුමක් සැකසීමට තීරණය කර ඇත.
766 Views
Comments