පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනා මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනා මරුට

පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනා මරුට

සූරියවැව, වැවේගම පාර මහවැලිකඩආර හංදියේදී පොලිසිය සහ රන්මාල කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩිහුවමාරුවකින් කොල්ලකරුවන් දෙදෙනා මියගිය බව පොලිසිය පවසයි.

 

රන්මාලයක් කොල්ල කා පළායන බවට ප්‍රදේශවාසීයකුගෙන් ලද තොරතුරක් අනුව අවට පොලිසිද දැනුවත් කර මෙම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව පොලිස් කණ්ඩායමක් කොල්ලකරුවන් පසුපස ලු‍හුබැඳ යද්දී යතුරු පැදියෙන් ගමන් ගත් කොල්ලකරුවන් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. 

 

ඉන්පසු පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් තිබේ.

 

කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් බේරීමට ගිය පොලිස් ජිප් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.

views

796 Views

Comments

arrow-up