සතොසට බාන්න ආ අරක්කු නැවත හරවා යැවූ චන්ඩි

ආණමඩුව පොලීසිය විසින් පවසා සිටියේ ඊයේ දිනයේදී පුද්ගලික අරක්කු නිෂ්පාදන සමාගමක් විසින් ආණමඩුව සතොස ආයතනයට රැගෙන් ආ අරක්කු තොගයක් කඩු පොලු රැගෙන පැමිණි මැරයන් පිරිසක් විසින් ආපසු හරවා යවා ඇති බවයි.
ජූලි 5 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ආණමඩුව සතොස ආයතනයේ අරක්කු අලෙවි කිරීම සදහා බලපත්‍ර ලැබී ඇත.
එවැනි තත්වයකදීත් සතොස ආයතනයට විකිණීම සදහා රැගෙන ආ පළමු අරක්කු තොගය සතොසට නිකුත් කිරීමට සූදානම් වන විට මෙලෙස කඩු පොලු රැගත් මැරයන් පිරිසක් පැමිණ නැවත එම ලොරිය හරවා යවන ලෙස තර්ජනය කර ඇත.
1011 Views
Comments