විශ්වාසභංග පරාජයෙන් පසු ස.ජ.බ තීරණය ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

විශ්වාසභංග පරාජයෙන් පසු ස.ජ.බ තීරණය ගනී

විශ්වාසභංග පරාජයෙන් පසු ස.ජ.බ තීරණය ගනී

සමගි ජන බලවේගය තීරණය කර ඇත්තේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ මැති ඇමතිවරුන්ගේ මැතිවරණ කොට්ඨාස වෙත ගොස් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් දැනුවත් කිරීමටයි.

 


ඒ අනුව අද සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් රජය විසින් මුදලට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ අභ්‍යන්තර ගැටළු තිබුණද පවතින තත්වය තුළ ආණ්ඩුව දුර්වල කිරීමට කිසිදු අවස්ථාවක් විපක්ෂයට ලබා නොදෙන බවයි.

views

800 Views

Comments

arrow-up