ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අද

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අද

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ.

පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු ලබයි.මෙරට හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බව කොළඹ මහා පල්ලිය සඳහන් කළේය.එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් සඳහන් කළේ, සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා මෙහෙයන් පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති බවය.

 

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඤාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කර සිටී.සියලුදෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභ සිද්ධිය පිණිස කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමාවන් කෙරෙහි විශේෂ අවදානය යොමුකර ඉස්ලාම් සමය වතාවත්වල නිරත වන ලෙස ජනාධිපතිවරයා සිහිපත් කරයි.මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සාමය, සහෝදරත්වය සමානාත්මතාවය අගය කරන හජ් දින සුබ ප්‍රාර්ථනාවන්ට කොවිඩ් වසංගත තත්ත්වය බාධාවක් නොවන බවය.

 

 

ඉස්ලාමීය මඟපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය කරමින් ලෝකවාසී ජනතාවම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අද වැනි උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැදිය හැකි බව ද අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මේ අතර හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදුකරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක මෙවර අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ.

views

915 Views

Comments

arrow-up