MAR
04
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මාර්තු 10 පාර්ලිමේන්තු විවාදයට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය මාර්තු 10 වෙනිදා පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
අද කතා නායකයා මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.
ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස එය විවාදයට ගැනීමටයි තීරණය වී තිබෙන්නේ.
ඒ අනුව හෙට පෙරවරු 11.00 සිට පස්වරු 5:30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි
605 Views
Comments