මනමාලියක් විදිහට එන්න හිටපු ඔයා පෙට්ටියකින් ගෙදර ආවෙ ඇයි මගේ දුවේ

මනමාලියක් වෙලා ගෙදරට එනවා දකින්න හිටපු මගේ රත්තරන් දුව මේ විදිහට මනමාලියක් වගේ ඇඳගෙන පෙට්ටියකින් ගෙදරට එයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ. මගේ රත්තරන් දුවේ යනුවෙන් සාහසිකයකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ කොළඹ සරසවියේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සරසවි සිසුවියගේ දේහය හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ නිවෙසට (18දා) සවස රැගෙන ආ අවස්ථාවේදී මියගිය සිසුවියගේ මව විලාප දෙමින් පැවැසුවාය.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන හි පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි තරුණියකි.
ඇය ඉකුත් 17දා උදෑසන කොළඹ සරසවියේ අධ්‍යයන කටයුතු සඳහා නිවෙසින් පිටව ගොස් පළමු දේශනයට සහභාගි වී පසුව ඔහුගේ පෙම්වතා බව පැවැසෙන පුද්ගලයකු සමඟ කොළඹ තුරඟ තරග පිටිය අසලට ගොස් කතාබස් කරමින් සිටියදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මෙසේ මිය ගොස් තිබිණි. පසුව ඇයගේ මෘත දේහය මහෙස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කොට පශ්චාත් මරණ ප රීක්ෂණය 18දා දහවල් සිදුකිරීමෙන් පසුව දේහය ඥාතීන්ට භාරදී තිබුණි.
ඒ අනුව මියගිය සරසවි සිසුවියගේ මෘත දේහය හෝමාගම දියගම ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය ශාලාවකට රැගෙන විත් පසුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවෙසට විශාල පිරිසකගේ සෝ සුසුම් මැද රැගෙන එන ලදී.
දේහය නිවෙසේ සාලයේ තැන්පත් කිරීමෙන් පසුව මියගිය චතුරි හංසිකා මල්ලිකාරච්චි දියණියගේ මව දේහය අසලට පැමිණ හඬා වැටෙමින් මෙසේද කීවාය.
“අනේ මගේ රත්තරන් දුවේ, උදේ මට වැඳලා ගෙදරින් කැම්පස් ගියේ, නැවත මේ විදිහට එන්නද ඔයාගේ ඔය සුදු ලස්සන මූණ බලාගෙන මේ අපරාධය කොහොම කළාද දෙයියනේ. අවුරුදු විසි හතරක් යනකම් මගේ රත්තරන් දුව මම හැදුවේ වැඩුවේ මේ විදියට දකින්නද මගේ දුවේ. ඔයා ලස්සන මනමාලියක් කරල ගෙදරට ගේන්නයි හිතාගෙන හිටියේ. ඒත් අද ඔයා ලස්සනට ඇඳගෙන මනමාලියක් වගේ පෙට්ටියකින් ආවෙ ඇයි මගේ පුතේ. මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ විදියට ඔයා ගෙදරට එයි කියල.
178 Views
Comments