ඡන්ද කල් දමන උත්සහාට නීතිඥයෝ කනස්සල්ලෙන්

පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත
ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක වීමට බාධා විය හැකි කිසිදු පියවරක් නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක්ද කොට ඇත
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ එහි ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් කොට ඇත.
170 Views
Comments