ගල්වැව සිරි ධම්ම හිමිට නැවතත් නොතීසි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය (11) නොතීසි නිකුත් කළේය.
සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට මෙම සැකකාර හිමිනමට අවස්ථා දෙකකදී දැනුම් දුන්නද උන්වහන්සේ නොපැමිණී බවත්, විමර්ශනයට සහාය දෙන ලෙසට නියම කරමින් අධිකරණයෙන් ලබාදුන් ඇප කොස්දේසිය ද උන්වහන්සේ විසින් කඩ කරනු ලැබ ඇති බවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ හේතුවෙන් එම ප්‍රකාශය ලබාගැනීමට තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
203 Views
Comments