රෝද පුටුවේදීම ගින්නෙන් දැවී මියගිය ආබාධිත කාන්තාව ආසාදිතයකු බව හෙළිවේ

නිවසේ රෝද පුටුවේ සිටියදීම ගින්නකට හසුවී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ ආබාධිත කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කලක සිට ආබාධිතව රෝද පුටුවේ සිටි මෙම කාන්තාව 71 වන වියේ පසුවූ අතර ඇය ගාල්ල, හපුගල, බෙරලියදොලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇයගේ කාමරෙන් දුමාරයක් පිට වීම හේතුවෙන් එය බැලීමට ඇය රෝද පුටුවෙන් ම කාමරයට ගිය අවස්ථාවේදී ඇයටද ගිනි ඇවිලී ඇති බවයි ඇයගේම පුතෙකු පොලිසියට පවසා ඇත්තේ.
මියයාමෙන් පසු ඇයගේ මෘත ශරීරයෙන් PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර අද එම වාර්තාවේදී ඇය කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
830 Views
Comments