ත්‍රිකුණාමල තරුණයාගේ දේහය ගැන අධිකරණ නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

ත්‍රිකුණාමල තරුණයාගේ දේහය ගැන අධිකරණ නියෝගයක්

ත්‍රිකුණාමල තරුණයාගේ දේහය ගැන අධිකරණ නියෝගයක්

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී මියගිය පසුව කොරෝ ආසාදිතයකු බවට හඳුනා ගැනුණු 26 හැවිරිදි තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අනිද්දා සිදු නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී කුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට මෙම නියෝගය ලබා දී තියෙනවා.

 

අදාල මිය ගිය තරුණයාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ලෙබ්බේ නමැති ත්‍රිකුණාමලයේ පදිංචි පුද්ගලයෙකුයි එම රීට් පෙත්සම ගොනු කර තිබුණේ.

 

ඒ සම්බන්ධයෙන් අනිද්දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.

 

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී පසුගිය 31ක් වන දා මෙම තරුණයා මියගිය අතර පසුව කොරෝනා ආසාදිතයකු බව අනාවරණය වුණා.

 

ඔහුගේ දේහය පිළිබඳව යළිත් PCR පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම රීට් පෙත්සම ගොනු කර තිබෙනවා.

 

views

802 Views

Comments

arrow-up