දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් - මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් - මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් - මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවියහැක.

 

මධ්‍යම,සබරගමුව, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මඩකළපුව සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහහම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

views

703 Views

Comments

arrow-up