සිසිල් බීම ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ

කඩුවෙල සිට හැටන් දක්වා සිසිල් බිම ප්‍රවාහනය කල ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු ලොරි රථයේ රියදුරාට නින්ද යාම නිසා ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.
අනතුරෙන් ලොරි රථයට සහ ප්‍රවාහනය කරමින් තිබු සිසිල් බිම බෝතල් වලට දැඩි අලාභ හානි සිදු වි තිබුණි.
190 Views
Comments