SEP
16
නොරොච්චෝලේ සේවකයෙක් මුහුදට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සේවකයෙක් ඊයේ (16) දහවල් මුහුදට ඇද වැටී තිබේ.
බලාගාරයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්මික සහායක හර්ෂ හේමන්ත ප්‍රියසාද් මෙලෙස මුහුදට ඇද වැටී තිබේ.
බලාගාරයේ ජැටියෙන් මුහුදට වැටී ඇති ඔහු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහුගේ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
228 Views
Comments