ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කෙරේ

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කෙරේ

හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබෙනවා.

 

ඒ අනුව මෙතෙක් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කරනු ඇත.

 

එම පත් කිරීමට අදාළ පත්වීමේ ලිපිය අද (31) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් ඔහු වෙත බාර දී තිබෙනවා.

 

මේ දක්වා යුද්ධ හමුදාපති ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද එම ධුරයෙන් විශ්‍රාම යන අතර එම ධුරය සඳහා මේජර් ජෙනරල් විකුම් ලියන්ගේ පත් කර ඇත.

views

1496 Views

Comments

arrow-up