DEC
21
පුද්ගලයෙක් සරුංගලයක් සමඟ උඩ යයි

යාපනය - පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ පුද්ගලයෙකු සරුංගලයක් සමඟ අඩි 40ක් පමණ ඉහළ අහසට පාවී ගිය පුවත් වාර්තාවේ.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ විශාල සරුංගලයක් ඉහළට යෑවීමට පිරිසක් උත්සහකළ අවස්ථාවේදී ඒ අතර සිටි එක් අයෙක් අහඹු ලෙස සරුංගලයේ ලණුවේ පැටලී ඉහළට පා වී ගිය බවයි.
අනතුරුව සරුංගලය නැවතත් පහතට පැමිණෙන විටදී ඔහු පොළොවේ සිට අඩි 15ක පමණ උසක සිට බිමට පැන ඇත.
එම පුද්ගලයාට සුළුතුවාල සිදුව තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තාවේ.
722 Views
Comments