අද කාලගුණය

අද දින සිට නිරිතදිග මෝසම් තත්වය රට පුරා ක්‍රියාත්මක වන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
සබරගමුව පළාතේ සමහර ස්ථානවල සහ ගාල්ල , මාතර , නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර් 75ක් පමණ තද වැසි හා බස්නාහිර පළාත තුළද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
වයඹ පළාත තුළද ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කිලෝමීටර 40 - 50 දක්වා තරමක් තද සුළං දිවයින පුරා ඇතිවිය හැකි අතර මධ්‍යම කදුකරයේ , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල බටහිර බෑවුමේ , හම්බන්තොට , මන්නාරම , වවුනියාව , කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුළ කිලෝමීටර 60ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැක.
705 Views
Comments