අඹේවෙල අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක්

අඹේවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය තීරණය කර තිබේ.
ඒ සඳහා අඹේවෙල ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇත.
මෙම අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානය සඳහා නෙදර්ලන්තයේ සිට එක් අශ්වයෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය වන අතර අශ්වයන් 12 දෙනෙකු සහ වෙළඹුන් දෙදෙනෙකු එම මධ්‍යස්ථානයට රැගෙන ඒමට සැලසුම් කර තිබේ.
මෙම අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානය වෙත විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ද යොමු කර ගැනීමේ හැකියාව පවතී.
283 Views
Comments