SEP
09
සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නකින් ගබඩාව සම්පූර්ණයෙන් විනාශයි

සපුගස්කන්ද පෞද්ගලික ආයතනයක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මෙම ගින්න සේවකයින් සේවයේ යෙදී සිටි අවස්ථාවේ මෙම හටගෙන තිබූ නමුත් ගින්නෙන් කිසිවකුට අනතුරක් සිදුවී නැත.
ගින්නෙන් නිපැයුම් ගබඩාවේ ගබඩා කර තිබු නිෂ්පාදනය කරන ලද හැන්ගස් සියල්ලක්ම ගින්නට හසුවී තිබෙන අතර ගින්නෙන් වු අලාභය තවම ගණන් බලා නැත.
ගින්න සැලවු වහාම සපුගස්කන්ද පොලිසිය, කොළඹ ගිනී නිවන ඒකකය හා බියගම ආයෝජන මණ්ඩලයේ ගිනී නිවන ඒකකය පැමිණ ගින්න අවට පුදේශවලට පැතිරී යාම වැළක්වීමට පියවර ගත්හ.
202 Views
Comments