පේරාදෙණිය පාලමෙන් ගඟට පැන්නේ විශ්වවිද්‍යාල සිසුවෙක් ද?

මහනුවර පේරාදෙණිය පාලම මතින් පුද්ගලයෙකු මහවැලි ගඟට පැන අතුරුදහන්ව ඇත.
එම පුද්ගලයා ගඟට පනින ලද ස්ථානයේ තිබූ ගමන් මල්ලක තුළ තිබී ජාතික හැඳුනුම්පතක්, විශ්ව විද්‍යාල හැඳුනුම්පතක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු කාඩ් පත් දෙකක්, විභාග ප්‍රවේශපත්‍රයක්, මුදල් පසුම්බියක් හා පාවහන් යුගලක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස අතුරුදහන්ව ඇත්තේ බුළුගහපිටිය, ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර පේරාදෙණිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
257 Views
Comments