දිස්ත්‍රික්ක අටක සියලු පුරන් කුඹුරු අස්වද්දයි

දිවයිනේ දිස්ත්‍රික්ක 08ක සියලු පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව, කිළිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සියලු පුරන් කුඹුරු මෙලෙස වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම දිස්ත්‍රික්ක 08හි අක්කර 21,200ක් පුරන් කුඹුරු පැවති අතර ඒවා සියල්ලම ලබන මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.
අයිතිකරුවන් විසින් කුඹුරු වගා නොකරන්නේ නම් වගා කළ හැකි පුද්ගලයින්ට ඒවා වසර පහක කාලයකට පවරා නැවත වගා කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මීට පෙර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.
ඒ අනුව වගා නොකළ කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන පනත යටතේ වගා කිරීම සඳහා වසර පහකට පවරා දීමට කටයුතු කර ඇත.
බස්නාහිර පළාතේ වගා කිරීමට නොහැකි පුරන් කුඹුරු ඉන්දුනිසියානු වගා ක්‍රමයක් වන සෝජාන් වගා ක්‍රමය ඔස්සේ වගා කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි.
245 Views
Comments