කවුරුත් කතා කරන සෙව්වන්දි මෑණිගේ පොල් බිත්තර කෙලින් කරන කරන හාස්කම්

පසුගිය 11 වනදා නිකිනි පොහොය දිනයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ “අදෘශ්‍යමානය” නමැති වැඩසටහනකින් ඉදිරිපත්වූ කාරණා මේ වනවිට කතාබහකට ලක්ව ඇත.
මෙම වැඩසටහනට අදෘශ්‍යමාන බලවේගයකින් මිනිසුන්ට සේවාවන් සපයන බව කියන යකැදුරුවරියක පැමිණි අතර ගාල්ල හපුගල ප්‍රදේශයේ සිට පැමිණි “සෙව්වන්දි මෑණියෝ” නමැති 27 හැවිරිදි හත්මස් ගැබිණි කාන්තාවක වන ඇය එම වැඩසටහනේදී මනෝ චිකිත්සක වෛද්‍යවරයෙකු, ස්වාමින් වහන්සේ නමක හා නිවේදිකාව ඉදිරියේ ඇයගේ දස්කම් පෙන්වීමට උත්සාහ කළාය.
ඇය ඇතැම් සැකසහිත කාරණා හමුවේ ප්‍රසිද්ධියේ විවේචනයටද ලක්වූවාය.
වැඩසටහන ගෙන ආ රුවින්ද්‍යා සයුරි නමැති නිවේදිකාව එදින වැඩසටහන හදුන්වා තිබුනේ “මළගිය ඥාතීන් යකුන් දෙවියන් ආවේශ වීම” සම්බන්ධ විනිශ්චය කරන්නක් බවයි.
මෙදින පැමිණි “සෙව්වන්දි මෑණියෝ” මින් ඉහත කිසිදු නාලිකාවක වැඩසටහනකට පැමිණ නොතිබුණ කෙනෙකි.
මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන්, මනෝචිකිත්සක වෛද්‍ය පී එන් විද්‍යාකුලපති ඉදිරියේ සෙව්වන්දි මෑණියන් මෙම කටයුතුවල නිරතවූයේ තමා හත් මස් ගැබිනියක් බවත් මේ කටයුත්තට බාධාවක් නොවන බවත් දක්වමිනි.
‘“මං මුලින් මේ දේවල් විශ්වාස කලේ නැහැ.නමුත් පුද්ගලයින් මේක දැකල මට වදිනවා. මං කිසිවක් දැනගෙන කටපාඩම් කරල නෙමේ කරල තියෙන්නෙ. වෙදකම් පැත්තෙන් පමණක් නෙමේ. විකිනෙන් නැති ඉඩමක් වුණත් මං විකුණලා දීලා තියනවා.
මං උසස් පෙළත් හදාරපු කෙනෙක්. මං සාමාන්‍ය පෙළ කාලෙ ඉඳලා “පිලී” ජාති කන්න අමාරු වුනා. ලෙඩ වුණා. මේක හොයාගන්න අමාරු ලෙඩක්.
මට කිසි ලෙඩක් නැහැ කියල වෛද්‍යවරු කිව්වා. ඒ කාලෙ මං මිත්‍යා මත පිළිගත්ත කෙනෙක් නෙමේ. නමුත් මට කිසියම් බලවේගයක් ආවේශ වෙලා කියල දැනුණා.මං ජීවමානව දේවල් දැක්කා.
මං පෙර කරන ලද කුසල් මත සිද්ධ වුණ දෙයක්. මේවයින් වැඩ කරන්න පුලුවන් කියල දැනගත්තේ වයස 18 දි වගේ.
මගේ පළවෙනි බබා ලැබෙන්න ඉද්දි කකුල් දෙක පණ නැතිවුනා. දේවාල වල ගෙනිහිං නූල් දාලා හොද කළා. පස්සෙ මටම යම් දෙයක් හිතල කරන්න හැකි වුණා. වෙදකමින් යමක් කරන්න පුළුවන් කියලා රෑට හීනෙන් කියැවුණා. මං කටපාඩම් නොකර එවෙලෙට මන්තර එනවා.
මං සත්‍ය ලෙසම ඒ අය හොඳ කරනවා.
මේ සාස්තර ජාවාරම් කරපු අය නිසයි අපි කරන දේවල් “මිත්‍යා” කියල සමහරු බැහැර කරන්නෙ නමුත් මං එහෙම නෙමේ මං කරන්නෙ සත්‍ය දේවල් ඒවා ඔප්පු කරල තියනවා.
මගේ දේවාලෙ කාලි මෑනියෝ කතරගම් දෙවියො නැහැ. මං සතර දිසා අට දිසා රෝගීන් පැමිණෙනවා. මං තනියම ප්‍රසිද්ධයි. ප්‍රසිද්දිය හොයාගෙන ගිහින් නැහැ වැඩ වලින්ම මාව දන්නවා.මගේ පළවෙනි මාධ්‍ය වැඩසටහනත් මේක.“
සෙව්වන්දි මෑණියන් කියා සිටියාය.
මෙම වැඩසටහන සදහා සෙව්වන්දි මෑණියන්ගේ සැමියා සහ පියාද පැමිණ ඇයගේ දස්කම් පෙන්වන අවස්ථාවේ පොල් ගෙඩිය ලබාදෙන්නට ඉදිරිපත් විය.
අනතුරුව ඇය දෙවියෙකුගේ නමක් කියන්නට කියූ අතර නිවේදිකාව විෂ්ණු දෙවියන් යයි කී පසු ඒ අනුව පොල් ගෙඩිය අල්ලේ තබාගෙන ඇය කිසියම් ස්ත්රොතයක් දෙවියන්ගේ නම කියමින් ගායනා කළාය.
එම අවස්ථාවේ ඇගේ අතේ තිබුණ පොල්ගෙඩිය ක්‍රමයෙන් ඉහළට එසවුණ බව ඇය කියයි. කෙසේ වෙතත් වෛද්‍යවරිය හා නිවේදිකාව පැවසුවේ ඇය අල්ලේ තිබෙන හැඩය උපයෝගයෙන් එය එසවූ බවයි. අනතුරුව ඇයගේ පාදයක් දරදඩු කරගන්නා ඇය සැමියා හා පියා ලවා කකුලට පහරදී එය බිදදමන්නට බැරිබව පෙන්නුම් කරන්නීය.
වෛද්‍යවරයා පැවසුවේ ඇය තමා විසින්ම එය දරදඩු කරගන්න ඇති ය කියාය.
අනතුරුව ඇගේ සේවා ලාභි කාන්තාවක ගෙන්වාගෙන ඇය ඉදිරියේ මන්තරයක් කියා සිටි අතර ඒ සමඟ ඇය ඇද වැටේ. එම අවස්තාවේ ශරීරයේ ආරූඪවී ඇති යක්ෂයා පළවා හරින බව සෙව්වන්දි මෑණියන් පවසයි.
අනතුරුව බිත්තරයක් සම්බන්ධ දස්කමක් පෙන්වන බව කියා මේසයේ ඇති බිත්තරය ඉහළ සිට පහළට තද කර පොඩි කරන ලෙසත් එසේ කළොත් තමාගේ ශරීරය දරදඩු වන බවත් ඇය කියයි.
එලෙස බිත්තර පොඩි කරන්නට බැරි බව කියූ පසු ඇය බිත්තරය මැදට ගසා පොඩි කර පෙන්වයි.
සෙවුවන්දි මෑණියන් විසින් බිත්තරයක් කෙලින් කිරීම මන්ත්‍ර බලයෙන් සිදුකරන්න යද්දී මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.
ඇයට අභියෝග කරමින් වෛද්‍යවරයා කියා සිටියේ තමා ගෙනවිත් ඇති කාඩ්බෝඩ් පෙට්ටි තුනේ ඇති දේවල් කියන ලෙසයි. ඇය එය කීමට තමා නොපැමිණි බව කියමින් ප්‍රතික්ෂේප කළාය.
අනතුරුව ඇය කිව්වේ තමා පුද්ගලයෙකු ගැන පමණක් දේවල් කිව හැකි බවයි. ඒ අනුව වෛද්‍යවරයා තමා ගැන පවසන ලෙස දන්වා සිටි නමුත් සෙව්වන්දි මෑණියන් පැවසුවේ ප්‍රසිද්ධියේ කීම අපහසුතා ඇති කරවන නිසා එසේ කළ නොහැකි බවයි.
ඇය එම අවස්ථා ගණනාවෙන්ම පැනගිය අතර ඇය සූදානම්ව පැමිණි හාස්කම් ඉදිරිපත්කරන්නට ගොස් විවේචනයට ලක්විය.
වැඩසටහනට පැමිණි වෛද්‍ය පී එන් විද්‍යාකුලපති මෙම කාන්තාව ඉදිරිපත් කරන දේවල් හිස්ටීරියා ලෙස නම් කළ අතර මේ කාලයේ එම රෝග තත්වය “ඩිසෝසිටිව් ඩිස්ඕඩර්” ලෙස හඳුන්වන බවද කියා සිටියේය. මියගිය කෙනෙක් යකෙක් භූතයෙක් ලෙස මිනිස් ශරීරයකට කිසිසේත් ආවේශ නොවන බව ඔහු කීය.
මෙම වැඩසටහන මේ වනවිට යූටියුබ්හි විහාල නැරඹුම් සහිත වීඩියෝවක් බවටද පත්ව ඇත.
351 Views
Comments