කාමර ඇතුලේ රහස් පිටවීම් දොරටු - කාන්තාවන් අමුතු ජාවාරමේ යෙදවූ හිටපු එස්ටීඑෆ් සෙබලා පතොරම් සමඟ මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

කාමර ඇතුලේ රහස් පිටවීම් දොරටු - කාන්තාවන් අමුතු ජාවාරමේ යෙදවූ හිටපු එස්ටීඑෆ් සෙබලා පතොරම් සමඟ මාට්ටු

කාමර ඇතුලේ රහස් පිටවීම් දොරටු - කාන්තාවන් අමුතු ජාවාරමේ යෙදවූ හිටපු එස්ටීඑෆ් සෙබලා පතොරම් සමඟ මාට්ටු

වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟු‍ම්හලක් තුල තිබී ටි.56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතරොම් 30ක් සහ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිලඇඳුමක් සමඟින් හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි.

 

ලැඟු‍ම්හල තුළ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වවුනියාව පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හිටපු යුදහමුදා සෙබලා, ලැඟු‍ම්හලේ කළමනාකරු සහ ගණිකා වෘතියේ නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

 

දීර්ඝ කාලයක සිට ලැඟු‍ම්හල තුළ කාන්තාවන් ගණිකා වෘතියේ නිරතවී ඇති අතර ලැඟු‍ම්හලේ කළමනාකරු සහ යුද හමුදා සෙබලා කාන්තාවන් ගණිකා වෘතියේ යොදවා මුදල් ලබාගෙන ඇතැයි තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය සඳහන් කළේය.

 

ලැඟු‍ම්හලේ සිට හදිසි පිටවීම් සඳහා එහි කාමර තුල රහස් පිටවීම් දොරටු කිහිපයක්ද ස්ථාපිත කොට තිබූ බවත් පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂා කිරීම් සිදුකළ බවත් වාර්තාවේ.

 

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව, මාමඩුව, ඇටවීරගොල්ලෑව සහ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ත් 30 අතර වයසේ පසුවන්නන් වෙති.

views

306 Views

Comments

arrow-up