තහනම් කර තිබූ ද්‍රවිඩ සංවිධාන 06ක තහනම ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

තහනම් කර තිබූ ද්‍රවිඩ සංවිධාන 06ක තහනම ඉවතට

තහනම් කර තිබූ ද්‍රවිඩ සංවිධාන 06ක තහනම ඉවතට

පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

 

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර තිබෙන අතර එම සංවිධාන වන්නේ,

01. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
02. ගෝලීය දෙමළ සංසදය
03. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
04. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
05. කැනේඩියානු දමිළ කොංග්‍රසය
06. බි්‍රතාන්‍ය දමිළ සංසදය

 

යන සංවිධානයි.

 

පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ  අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බව ජනපති යටතේ පවතික ආරක්ෂක අමාත්‍යංශය පවසයි.


පසුගිය දිනවල පැවති සර්ව පාක්ෂික පාලන කථාබස් අනුව රජය සමග එක්වීමට කොන්දේසි ලෙස ඇතැම් ද්‍රවිඩ පක්ෂ මෙම තහනම ඉවත්කිරීමේ ඉල්ලීම් සිදු කර තිබුණි.

views

207 Views

Comments

arrow-up