පියාගේ කොසු පහර කා දැඩි සත්කාර ඒකකයේ සිටි දරුවා ජීවිතක්ෂයට

තම පියාගේ කොසු මිටි ප්‍රහාර හේතුවෙන් සිහිසුන්ව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 16ක් වන ඔහු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකි.
දරුවා පාඩම් කිරීමට අදිමදි කිරීම හේතුවෙන් පාඩම් කරන ලෙස බල කර පියා විසින් මෙලෙස කොසු මිටකින් පහරදී ඇති අතර එහිදී සිහිසුන් වී ගිය සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
රෝහල් කාර්ය මණ්ඩලය සිසුවාගේ ජීවිතය බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් යෙදුනද එය අසාර්තක වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ පියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
10566 Views
Comments