අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින්ට පවතින හැකියාව පිළිබදව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතුයි - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින්ට පවතින හැකියාව පිළිබදව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතුයි - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින්ට පවතින හැකියාව පිළිබදව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතුයි -  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

ගැටලු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින්ට පවතින හැකියාව පිළිබදව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඊයේ (19) නිර්දේශයක් ඉදිරිපත් කළේය.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඊයේ සැලකිල්ලට ගත් අතර ,එහිදී කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙම නිර්දේශය දැනුම් දුන්නේය.

 

ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවායමින් රජයේ අරමුදලින් රු.මිලියන 1524 ක් වැයකර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කාරක සභාවේදී සාකච්ජා විය.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් සුමේධ පෙරේරා මහතා එහිදී කීවේය.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කිරීම පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව සිදුව ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

 

මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ජා විය.

 

ඒ වෙනුවෙන් නව නීති රීති සහ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවයද කාරක සභාවේ අවධානයට යොමු විය.

 

මේ අවස්ථාවට, අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක, වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඩී.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, තිස්ස අත්තනායක, මහාචාර්‍ය රංජිත් බංඩාර, බුද්ධික පතිරණ, එස්. ශ්‍රී ධරන් යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

views

762 Views

Comments

arrow-up