අවුරුදු තුනේ දියණියත් සමග මවත් ළිඳට පැන සිය දිවි හානි කර ගනී

මවක් තම දියණිය සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වව්නියාව පරනට්කල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය 27 වන දා ඔවුන් අතුරුදහන් වී ඇති අතර පසුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සෝදිසි කිරීම්වලදී දෙදෙනාගේම මළසිරුරු පාළු ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.
මව 42 හැවිරිදි කාන්තාවක් වන අතර දියණියගේ වයස අවුරුදු තුනක් බවයි වාර්තා වන්නේ.
සියදිවි හානි කර ගන්නා බවට සඳහන් කාන්තාව විසින් ලියා ඇති බව කියන ලිපියක් ඔවුන් වාසය කළ නිවසේ තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
654 Views
Comments