බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමි ණෙන ගුවන් ගමන් අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සියලුම ගුවන් යානා හෙට දින අළුයම 2.00 සිට අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් -19 වෛරස ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
යලි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවද සදහන් කරනවා බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මේ වන විට ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ දිනයේ සිට කටයුතු කර තිබෙනවා.
655 Views
Comments