DEC
22
කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර

කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
කැබිලි කරන ලද වියළි පොල් මෙට්‍රික් ටොන් 13,000ක් බැගින් මාස තුනක කාලයක් සඳහා ආනයනයට කිරීමට අනුමැතිය හිමිව ඇත.
ඉහළ යන පොල් මිල පිළිබඳ අවධානය යොමු කිරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සාධාරණ මිලකට ජනතාවට පොල් ලබා දීමත් අරමුණු කර ගනිමින් සහ පොල් මිල ඉහළයාම මගින් අපහසුතාවට පත්ව සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
716 Views
Comments