සම්භාහනයට මුවා වූ ගල්කිස්සේ සුපිරි ගණිකා නිවාසය වටලා සුරූපිණියන් 06ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

සම්භාහනයට මුවා වූ ගල්කිස්සේ සුපිරි ගණිකා නිවාසය වටලා සුරූපිණියන් 06ක් අත්අඩංගුවට

සම්භාහනයට මුවා වූ ගල්කිස්සේ සුපිරි ගණිකා නිවාසය වටලා සුරූපිණියන් 06ක් අත්අඩංගුවට

ගල්කිස්ස, විජේසිරිවර්ධන පාර දෙමහල් නිවසක ආයුර්වේද ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකාරිනිය, ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන කාන්තාවන් පස්දෙනකු ඇතුළු කාන්තාවන් හයදෙනකු ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඉකුත් 28 වැනිදා සවස වැටලූ එම ගණිකා නිවාසයේ කළමනාකාරිණිය මොරටුව ප‍්‍රදේශයේ පදිංචි 48 වැනි වියේ පසු වන තැනැත්තියක වන අතර, ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් අනුරාධපුරය, බුත්තල, හැටන්, යටියන්තොට, දංකන්ද යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 19 – 40 වයස් කාණ්ඩවල පසුවන්නියන් වන බව ද පොලිසිය කියයි.

 

මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලයා රුපියල් 1500 ක් ගෙවා ඇතුළු වීමෙන් පසු, එහි සිටින කාන්තාවන් තම රුචිය පරිදි තෝරා ගැනීමෙන් අනතුරුව ළඳුන්ගේ මිල ගණන් අනුව අලෙවි වී ඇති බව ද පොලිසිය පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන ඇත.

 

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තූවක් මත මෙම වැටලීම සිදුකර ඇත.

views

3736 Views

Comments

arrow-up