මොරවැව ඇළේ වැටී සිටි වන අලියා මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

මොරවැව ඇළේ වැටී සිටි වන අලියා මරුට

මොරවැව ඇළේ වැටී සිටි වන අලියා මරුට

සති තුනකට ආසන්න කාලයක් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් මොරවැව ප්‍රදේශයේ ඇළක වැටී සිටි වල් අලියා පෙරේදා(21) ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසයි.

 

කොඳුඇට පේළේ යම් ආබාධයක් ඇති බවට හෝ වෙඩි වැදීමකට ලක්ව ඇතැයි යැයි සැක කෙරුණු අඩි 09ක් පමණ උස 40 හැවිරිදි වියේ පමණ සිතිය හැකි දැවැන්ත පිරිමි අලියෙකු මෙසෛ නැඟිට ගැනීමට නොහැකිව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටියදී ගිරිතලේ පශුවෛද්‍ය නිලධාරීන් පැමිණ කීපවිටක්ම ප්‍රතිකාර ලබාදී ඇත.

 

අවසානයේ දී සත්වයාගේ ජීවිතය බේරාගැනීමට ගම්වාසීන් වන ජීවී නිලධාරීන් ගේ උපදෙස් මත අලියා මියයන තුරුම විශාල වශයෙන් පලතුරු වර්ග ආදිය ලබාදී ගොඩ ගැනීමට උත්සාහ කළත් ඉන් ඵලක් නොවීය.

 

පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු කොටස් යවා තිබේ. එහි ප‍්‍රතිඵල ලැබෙන තුරු මරණයට හේතුව ස්ථිරවම කිව නොහැකි බවත් දැනට නිගමනය කළ හැක්කේ කොඳුඇට පේළිය දෙපසට බරපතළ හානි සිදුවී තිබූ බව පමණක් බවත් ගිරිතලේ පශුවෛද්‍ය නිලධාරිවරයා පැවසුවේය.

views

600 Views

Comments

arrow-up