ආමි - පොලිස් යතුරුපැදි මුහුණට මුහුණ ගැටේ - පොලිස් නිලධාරිනිය මරුට

වැල්ලව, රංගම, ගෝනාගම, ඉද්දගොල්ල ප්‍රදේශයේදී පෙරේදා(21) රාත්‍රී 7ට පමණ වැල්ලව පොලිසියේ නිලධාරිනියක් ගමන්ගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියක් යුද හමුදා පොලිසියේ නිලධාරියෙකු ගමන්ගත් යතුරුපැදියක මුහුණට මුහණ ගැටීමෙන් වැල්ලව පොලිස් නිලධාරිනිය ජීවිතක්‍ෂයට පත්විය.
මෙසේ මරණයට පත් වූයේ වැල්ලව පොලිසියේ සේවය කළ රංගම නෝනාගම පාරේ පිදිංචිව සිටි කේ.ඩී. රොසිකා සඳමාලි නැමැති 34 හැවිරිදි විවාහක පොලිස් නිලධාරිනියකි.
ඇගේ ස්වාමි පුරුෂයාද කුරුණෑගල පොලිසියේ නිලධාරියෙකි.
මරණයට පත් නිලධාරිනිය වැල්ලව පොලිසියේ සිවිල් සේවකයකුගේ නිවසේ දානමය පිංකමකට පිරිකරක් රැගෙන තමන්ගේ දියණිය සමඟ යතුරුපැදියෙන් පෝරාපොළ ප්‍රදේශය බලා ගමන් කර තිබේ.
මේ අතරතුර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුද හමුදා නිලධාරියා ගේ අධිවේගී යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ තිදෙනා වැල්ලව ප්‍රාදේශීය රෝහලටඇතුලත් කර ඇති අතර පොලිස් නිලධාරිනිය අතරමඟදී මිය ගොස් තිබේ.
ඇයගේ දියණිය බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූ හමුදා නිලධාරියා වැල්ලව පොලිසිය අත්අඩංගුවට ගෙන වැල්ලව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබයි.
වැල්ලව පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
1239 Views
Comments