සතොසෙන් සහල් – සීනි පමණක් මිලට ගන්න බෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

සතොසෙන් සහල් – සීනි පමණක් මිලට ගන්න බෑ

සතොසෙන් සහල් – සීනි පමණක් මිලට ගන්න බෑ

සතොස මගින් අද (04) සිට සහල් සහ සීනි පමණක් පාරිභෝගිකයකුට නිකුත් නොකරන බවත් අඩුම වශයෙන් භාණ්ඩ වර්ග පහක් මිළට ගත යුතු බවත් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (03) පැවැසුවේය.

 

දුප්පත් නිවසක වුවත් සහල් සහ සීනි පමණක් පාවිච්චි නොකරන බවද කී ඔහු ඇතැම් ජාවාරම්කරුවන් කහ, සහල් සහ සීනි අඩු මිලට සතොසින් ලබාගෙන වැඩි මිලට පිටත විකුණන නිසා මෙම ක්‍රියා මාර්ගය ගත් බව කීවේය. ඒ අනුව අද සිට සතොස රිසිට් පතක මිල අඩු කළ තනි භාණ්ඩයක් හෝ දෙකක් නොතිබිය යුතු බවද කීවේය.

 

වෙළඳපොළ මිල අඩු වනතුරු සීමාවකින් තොරව සහල් ආනයනය කරන බවද කී ඇමැතිවරයා සහල් පාලනය සඳහා ගත් ක්‍රියා මාර්ග අසාර්ථකවූ බැවින් පළමු නාඩු සහල් තොගය ආනයනය කර මේ වන විට සතොස ශාඛා වෙත බෙදා හැර ඇතැයි එක් පාරිභෝගිකයකුට කිලෝ පහ බැගින් රුපියල් අනූ නවයක මිලට ලබා ගත හැකි බවද පැවැසුවේය.

 

ඉන්දියානු පකිස්තානු හා බුරුම මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡාකර අනෙකුත් සහල් තොගද ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒවා සතොස හරහා සහන මිලට බෙදා හරින බවද පැවැසුවේය. සුදු සීනි රුපියල් එකසිය විසි දෙකකට එක් පාරිභෝගිකයෙකුට කිලෝ දෙකක් සහ දුඹුරු සීනි රුපියල් එකසිය විසි පහ බැගින් කිලෝ තුනක් එක් පාරිභෝගිකයෙකුටත් ලබා ගත හැකි බව කීවේය.

views

840 Views

Comments

arrow-up