රස කැවිලි දීමට බව පවසා රැගෙන ගොස් කුඩා දැරිය දූෂණය කළ අයට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අට හැවිරිදි කුඩා දැරියකට රස කැවිලි දෙන බවට පොරොන්දුවී ඇය රවටා කැඳවාගෙන ගොස් ඇයට අස්වාභාවික ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධව සහ දැරිය භාරකාරත්වයෙන් පැහැරගෙන යෑම සම්බන්ධව වූ නඩු විභාගයෙන් පසු වරදකරුවූ 47 හැවිරිදි විවාහකයෙකුට මීගමුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් බරපතළ වැඩ සහිව වසර 12ක සිරදඬුවම් සහ රුපියල් 20,000ක දඩ නියම කළේය.
එමෙන්ම ලිංගික අතවරයට ලක්වූ දැරියට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවීමටත් විත්තිකරුට අධිකරණය නියෝග කළේය.
බරපතළ සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියමවූ විත්තිකරු වූයේ මීගමුව දළුවාකොටුව ශ්‍රමදාන මාවතේ පදිංචි 47 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
රජයේ අධිනීතිඥ චන්දිමා රණසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර මීගමුව පොලිසියේ සැරයන් (56216) වසන්ත මහතා පැමිණිල්ලට සහය වූයේය.
763 Views
Comments