කොරෝනා ව්‍යාප්තිය වැඩි ප්‍රදේශ වල සිටින ජනතාවට චීන සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට

ඊයේ (07) දිනයේදී චීනය විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නතක් වන සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අනුමැතිය ලබා දුන්නා.
එමෙන්ම මෙය බටහිර නොවන රටක් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ පළමු අවස්ථාවයි. මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමිව තිබුණේ ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මොඩර්නා නම් කොරෝනා එන්නත් සඳහා පමණයි.
කෙසේ නමුත් ලතින් ඇමරිකාව, අප්‍රිකාව, ආසියානු කලාපවල ඇතැම් රටවල් චීන එන්නද සඳහා මීට පෙර සිටම අනුමැතිය ලබාදී තිබුණා. සයිනොෆාම් එන්නත ලබාදීමට WHO අවසරය හිමිව තිබෙන්නේ වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට පමණයි.
එමෙන්ම එහි මාත්‍රා දෙක බැගින් එක් පුද්ගලයෙක්ට ලබාදිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර තිබුණා. චීන සයිනොෆාම් එන්නත මගින් කොරෝනා ආසාදනය වැළැක්වීමේ ශක්‍යතාව 79% ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් මේ වන විටත් සයිනොෆාම් එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්තානය, හන්ගේරියාව, වැනි රටවල වැඩි වශයෙන් භාවිතා කරනු ලබනවා.
මේ එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වීමත් සමග ලෝකයේ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට මෙම එන්නත් සැපයීමට ජගත් සංවිධානය ක්‍රියා කරනු ඇති.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ද සයිනොෆාම් එන්නත ලබාදීමට මේ වන විට අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ලබන සතියේ සිට මෙරට ජනතාවට චීන එන්නත ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. එහිදී මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙන්නේ කොරෝනා ව්‍යාප්තිය ඉහල ප්‍රදේශවල ජනතාවට බවයි වාර්තා වන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ග්‍රේබියේසස් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති සංවාදයකදී ඊයේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණා. එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමි වීමත් සමග සයිනොෆාම් එන්නත මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට එන්නත් කිරීමට හැකියාව ලැබෙන බවයි.
එමෙන්ම අදාල එන්න මෙරට ජනතාවට ලබාදීම සහ ගෙන්වීම වේගවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.
මේ වන විට ලංකාවේ සිටින චීන ජාතිකයන් සඳහා මෙම එන්නත භාවිතා කර තිබෙනවා.
එහිදීම මෙම එන්නතේ පළමු මාත්‍රාව චීන ජාතිකයන් 2865 දෙනෙකුට ද දෙවන මාත්‍රාව 2435 දෙනෙකුට ද ලබාදී තිබෙනවා.
එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නතේ මාත්‍රා 1669 ක් ඊයේ දිනයේදී ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබෙන බව වාර්තා වනවා.
1207 Views
Comments