කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් නිකවැරටිය මූලික රෝහල උණුසුම් වෙයි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් නිකවැරටිය මූලික රෝහල උණුසුම් වෙයි (VIDEO)

කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් නිකවැරටිය මූලික රෝහල උණුසුම් වෙයි (VIDEO)

මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මෘත ශරීර දෙකක් මාරු වීම හේතුවෙන් නිකවැරටිය මූලික රෝහලේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා. මෙලෙස මාරු වී තිබුණේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ සහ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරයි.

 

ඒ සිදුවී තිබුණේ මෙසේයි...

 

ඊයේ (30) දිනයේදී මහව ප්‍රදේශයේ මියගිය 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය ඇගේ ඥාතීන් වෙත නිකවැරටිය මූලික රෝහලෙන් බාරදී තිබුණා. පසුව ඔවුන් එම දේහය රැගෙන ගොස් මහව ප්‍රදේශයේ ආදාහනාගාරයට දී ඇති අතර ඉන් පසුව අවසන් කටයුතු සිදු කර ඇත.

 

ඉන්පසුව නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් එම කාන්තාවගේ සිරුර ලබා ගැනීමට නිකවැරටිය මූලික රෝහලට පැමිණ තිබුණා. එහිදී ඔවුන්ට ලබා දීමට ඇගේ මෘතදේහය එහි තිබී නැහැ. එය දැනගැනීමෙන් පසුව ඇගේ ඥාතීන් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

 

එම අවස්ථාවේදී අදහස් දැක්වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය කාන්තාවගේ මුණුබුරා මෙසේ පැවසූවා.

 

"මගේ කිරි අම්මා තමා නැති වුණේ. එයාට අංශභාගය තිබුණා. අසනීප වෙලා නිකවරටිය රෝහලට අරන් ආවා. පෙරේදා හවස අරන් ආවෙ. කුරුණෑගලට යවලා PCR කළා. බොඩි එක ගන්න රෝහලට ආවා. මෝචරියට ගිහින් බැලුවා තැන සිරුරු කිහිපයක් තිබුණෙ. ඒත් කිරි අම්මගෙ බොඩි එක තිබුනෙ නෑ. බලධාරීන් ගෙන් ඇහුවා ඇයි කියලා. එයාලා බැලුවට කිසි දෙයක් කිව්වේ නෑ."

 

මේ පිළිබඳව නිකවැරටිය මූලික රෝහලේ නිසි පිළිතුරක් නොලද ඔවුන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලික රෝහලේ හෙද නිලධාරිනියක් පවසා තිබුණේ මේ පිළිබඳව ඉහළ බලධාරීන් විසින් යම් තීරණයක් ලබා දෙන තුරු කිසිවක් පැවසිය නොහැකි බවයි.

 

 

views

945 Views

Comments

arrow-up