කොරෝනා පාලනය කිරීමට නම් සංචරණ සීමා දැමිය යුතුයි - GMOA

වර්තමානයේ පැතිර යමින් පවතින Covid-19 වෛරසය පාලනය කිරීම සඳහා සංචරණ සීමාවන් පැනවීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
එහි විධායක කමිටු සාමාජික ද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ Covid 19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවයි.
"රජය ගතයුතු වැඩපිළිවෙළ අතර සංචරණ සීමා කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙන බව අපි දකිනවා. ඒ සංචරණ සීමා නීති හරහා සිදුකරනවා. ජනතාවටත් ආකල්ප වශයෙන් වෙනසක් කරගත යුතු වෙනවා. මේ ආකල්පවල වෙසක් සිදුනොවුනොත් මේ කෙතරම් නීති දැම්මත් අපට ගෝලීය වසංගතයක් පාලනය කිරීම සීමා සහිත වෙනවා. මේ මොහොත වනවිට පවතින රෝගී තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබෙනවා. හැබැයි මේ ඉදිරි දිනවලදීත් සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ජනතාව තමන් හිතලා වගේම අනිත් පැත්තෙන් රජය හැටියට යම් ආකාරයක සංචරණ නියාමන පැනවීම තුළ, හැයාවක් ලැබෙනවා මේ රෝගය පැතිර යෑම වළක්වන්න. බොහොමයක් තැන්වල අපි දකිනවා දේශපාලන කොණයකින් දකින ආකාරයක් ගැන. විවිධ අය තමන්ට වාසිදායක වෙන ආකාරයට. ඒ කියන්නේ රෝග පාලනයවීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සහ කරනවා. පාලනය නොවීමේ තත්ත්වය තව පිරිසක් දේශපාලනීය වාසි කරගන්න හදනවා. පක්ෂ විපක්ෂ වලට අපි ඉල්ලීමක් කරනවා මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ තීරණ මත කරගෙන යාමට ඉඩ දෙන්න."
Source - Ada Derana
816 Views
Comments