වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නෑ - නීතිපති ජනපති ලේකම්ට දන්වයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නැති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිඳු තහනම් කිරීමට හෝ පනවන ලද සීමා කිරීමට අදාළ කෙටුම්පත පටහැනි නොවන බවයි.
මේ සම්බන්ධයෙන් ඇති නීති පසුබිම පිළිබඳව ආචාර්ය පී. බී ජයසුන්දර මහතා මීට පෙර නීතිපතිවරයා දැනුවත් කරමින් යැවූ ලිපියකට පිළිතුරු ලෙසයි, නීතිපතිවරයා අදාළ පිළිතුරු ලිපිය සහිත නිවේදනය නිකුත් කර ඇත්තේ.
782 Views
Comments